කෙටුම්පත් 04ක් සඳහා කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 

ඊයේ (23) කථානායකවරයා විසින් සිය සහතිකය කෙටුම්පත් සඳහා සටහන් කළ බව අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 

ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාල යන පනත් කෙටුම්පත්වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 01 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාල පනත, 2024 අංක 02 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත, 2024 අංක 03 දරන ඇටෝර්නි බලතල (සංශෝධන) පනත සහ 2024 අංක 04 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස ඊයේ සිට බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published.