බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර තිබේ.

විදුලි බිල නොගෙවීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.

විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මඟින් පවත්වාගෙන ගොස් තිබේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය  මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි  අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වෙයි.

විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (25) රාත්‍රියේ කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී පීලි පැනීමකට ලක්වී තිබුණි.

දුම්රියේ එක් රෝදයක් පමණක් පිලී පැනීමට ලක්වී ඇති අතර ඊයේ රාත්‍රීයේම දුම්රිය පිළිගත කිරිමේ කටයුතු ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වන රාත්‍රි තැපැල් දුම්රියේ ප්‍රමාදයක් සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.