තවත් සැකකරුවන් 818ක් අත්අඩංගුවට

අද (27) අලුයම 12.30න් අවසන් වූ පැය 24ක යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

ඉන් එක් අයෙකුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

තවත් 08 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව ද වාර්තා වේ.

වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 159ක්, අයිස් ග්‍රෑම් 112ක් සහ මත්පෙති 329ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 

Leave a Reply

Your email address will not be published.