යාල රක්ෂිතයේ පවත්වාගෙන ගිය විශාල ගංජා හේනක් වැටලීමට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බළකාය කටයුතු කර තිබේ.
යාල රක්ෂිත පරිසරයට විශාල හානියක් සිදු කරමින් මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් ඇති අතර, වැටලීමෙන් වියළි ගංජා ගස් 21,260ක් සොයාගැනීමට වැටලීම් නිලධාරින් සමත් ව ඇත.
එහි වටිනාකම රුපියල් ලක්ෂ හැටකට අධික බව වාර්තා වේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පැන ගොස් ඇති බව ද සඳහන්ය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.