ගාසා තීරය ගැන රටවල් කිහිපයකින් තීරණයක්

හමාස් සංවිධානයට සහාය පළ කරන බව පවසමින් ගාසා තීරයට ආධාර සැපයීම නතර කිරීමට රටවල් කිහිපයක් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ.

පලස්තීන සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙන්නේ, දැඩි කම්පනයට හේතු වූ අදාළ තීරණය පිළිබඳ යළි සලකා බලන ලෙස එම රටවලින් ඉල්ලීමක් සිදු කරන බවයි.

විවිධ රටවල ආධාර මත ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ සහන සැලසීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කර තිබිණි.

කෙසේ වෙතත් එම සංවිධානය විසින් හමාස් සංවිධනයේ කටයුතුවලට සහාය පළ කරන බවට එල්ල වූ චෝදනාවත් සමඟ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 09ක් සිය ආධාර සැපයුම් නතර කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.