යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බෙලිඅත්ත පොලීසියේ නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී බෙලිඅත්ත, සිටිනමලුව ප්‍රදේශයේ තෙමහල් නිවසක කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා හරිතාගාර අනුසාරයෙන් ගංජා වගාවක් පවත්වාගෙන යන ලද විදේශීකයකු (27)අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුව ගත් පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර වැඩිදුර පරීක්ෂණ බෙලිඅත්ත පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි
2024-01-28