අධිවේගී මාර්ග ආශ්‍රිතව සිදුවන අනතුරුවල වර්ධනයක්

අධික වේගයකින් රිය පැදවීම හේතුවෙන් ප්‍රතික්‍රියා කළ හැකි කාලය අඩු වීම නිසා අධිවේගී මාර්ග ආශ්‍රිතව ඇති වන රිය අනතුරුවල වර්ධනක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන ඒකකයේ අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රිය පැදවීමේ අනාරක්ෂිතභාවය මෙම අනතුරුවලට හේතුවන බවය.

“අපි විශේෂයෙන් දැක්කා අධිවේගී මාර්ගවල රථවාහන අනතුරුවල සාපේක්ෂව වැඩිවීමක් 2023 වසරත් එක්ක. එයට හේතුව පුද්ගලයින්ගේ රිය පැදවීමේ දී තිබෙන අනාරක්ෂිතභාවය. එයට හේතුව වාහනය අධික වේගයෙන් ගමන් කිරීම. මෙහි තිබෙන ප්‍රධානම හේතුව වන්නේ හදිසි අවස්ථාවක දී වාහනය නැවැත්වීමේ කාලය එහෙම නැතිනම් ප්‍රතික්‍රියා කරන කාලය අඩුවෙන්න පුළුවන්.”

අනතුරු වළක්වා ගැනීමට නම් සියලුදෙනා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.