යාපනයේ නිදහස් කළු වාරෝධතා දිනයට එරෙහිව පැමිණිල්ලක්

යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් 76 වන නිදිහස් දිනයට විරෝධය පලකරමින් නිදහස් දිනය දෙමළ කළු දිනයක් ලෙස නම් කර මෙරට තුල යලි ජාතිවාදය ඉස්මතු කිරීමට උත්සහයක නිරත වෙන බව පවසා සිටිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා සිංහල රාවය සංවිධානයේ ප්‍රචාරක ලේකම් මදුභාෂණ රණහංස යන අය පොලිස් මූලස්ථානයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ජාති වාදි යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලු පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති බවට අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.