බදුල්ල ඩිපෝවේ බස්රථ සේවකයන් සේවයෙන් ඉවතට

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන් බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් ව තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත් ව සිටින බවයි.

මාර්ග අංක 99  බදුල්ල – කොළඹ ඒකාබද්ධ සේවය මෙම සමාගමේ බස්රථ විසින් විධිමත්ම සිදුනොකරන බව පවසන ලංගම සේවකයෝ මෙම සමාගමට අයත් බස්රථ මධ්‍යම බස් නැවතුම්පොළේ නතර කිරීමට ද විරෝධය දක්වා ඇත.

ඔවුන් පවසන්නේ එම බස්රථ පෞද්ගලික බස් නැවතුමේ නතර කළ යුතු බවටයි.
 
නමුත් බදුල්ල මගී ප්‍රවාහන සංගමය පවසන්නේ අධිකරණ නියෝගවලට අනුකූලව තම බස්රථ ධාවනය වන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් සේවා සියල්ල බාධාවකින් තොරව ධාවනය වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ලංගම ඩිපෝවල බස්රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වේ

Leave a Reply

Your email address will not be published.