යුක්තිය මෙහෙයුම යටතේ 785ක් අත්අඩංගුවට

යුක්තිය යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189ක් ඒ අතරට අයත්ය.

එම මෙහෙයුම්වලදී පහත පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය 128g 
අයිස් මත්ද්‍රව්‍ය 115 g 
ගංජා  08kg 626g 
ගංජා පැළ 138,676
මාවා  57g 200 mg  
මත්පෙති 34ක්
මදන මෝදක 125g 

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 596 දෙනා අතරින් සැකකරුවන් 7 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 4 ක් පුනුරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.