සැකකරුවන් දෙදෙනෙකු එස්ටීඑෆ් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, දැඩිගමුව හා හංවැල්ල ප්‍රදේශවල සිදු කළ මෙහෙයුමක දී විදේශගත ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අනුගාමිකයින් සමඟ සමීප සබඳතා පවත්වන අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැ කිවූ බවයි.    

අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හා 37 හැවිරිදි වියේ පසු වන පාදුක්ක හා හංවැල්ල ප්‍රදේශයේ පදංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් සතු ව තිබී අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ යතුරුපැදි 02ක්, තවත් යතුරුපැදි අංක තහඩු දෙකක් හා ජංගම දුරකථන 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.  

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දි තිබේ.

Leave a Reply

Your email address will not be published.