අක්‍රීය ණය ප්‍රමාණය 13%කින් ඉහළට

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය සියයට දෙකකට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
 
මේ අතර මෙවර අයවැයේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වැඩි කළ පොලිස් නිලධාරීන්ගේ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතියේ දී ලබා දීමට පියවර ගන්නා බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.