නැති වූ ටී 56 උණ්ඩ කඳවුරේ කාණුවකින් මතුවෙයි

අස්ථානගතව තිබූ හමුදා පොලිස්හේවා බළකායට අයත් ටී 56 මැගසීනය සොයා ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර ඇත.

පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස්හේවා බළකා කඳවුරේ තිබූ ටී 56 උණ්ඩ 30ක් සහිත මැගසීනය යුද හමුදා පොලිස් හේවා බළකා කඳවුරේ ජලය බැසයන යන කාණුවක තිබී හමුව ඇත.

අද (09) සිදුකළ විශේෂ සෝදිසියක දී මෙහෙයුමකදී අතුරුදන්ව තිබූ මෙම මැගසීනය උණ්ඩ 30ත් සමග සිවිල් කාර්ය මණ්ඩලය භාවිත කරන සනීපාරක්ෂක පද්ධතිය අසල ජලය බැසයන කාණුව තුළ තිබී සොයාගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන යුද හමුදා පොලීසිය හා කිරුළපන පොලීසිය සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.