රෙදි පටියකට ගෙල සිරවී පාසල් සිසුවෙකු මරුට

ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට පදිංචි පාසල් සිසුවෙකි.

සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

දරුවා නිවස තුළට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් කළ සෝදිසි කිරීමකදී දරුවාගේ සිරුර ගසෙහි එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබේ.

දරුවාගේ පියා මීට වසර කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර එම දරුවාට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙක් සිටී.

ඔවුන් සිය මව සමග එම නිවසේ වාසය කර ඇති අතර අද පස්වරු 1ට පමණ දරුවා සුපුරුදු පරිදි සෙල්ලම් කිරීම සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවෙයි.

නුවරඑළිය පොලීසිය සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.