සාජන්ට වෙඩි තබා පැන ගිය සැකකරු මාට්ටු

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී  ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි පොලිස් සාජන්වරයා කොළඹ ජාතිකරෝහලේදී මිය ගොස් ඇත

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු හතළිස් දෙකක් වයස ඇති පුද්ගලයෙකි.

පොලිස් සැර්යන්වරයාට වෙඩි තබා රැගෙන ගිය පිස්තෝලය ගම්පහ යාගොඩ පාරේ කැලෑ ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුගේ අනියම් බිරිය ගම්පහ ප්‍රදේශයේම පදිංචි කාන්තාවක වන අතර සාජන්වරයාට වෙඩි තබා පලා ගොස් අනියම් බිරියගේ රැකවරණයේ සැඟවී සිට ඇතැයි පොලිසිය කියයි.

පසුව අනියම් බිරිය සමග ප්‍රදේශයේ හැර දමා තිරෝද රථයකින් පලා ගොස් සැඟවී සිටීමට උත්සාහ දරා ඇති බවත් එසේ ගමන් කරන අතරතුරදී බිංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

පොලිස්ගෝ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් පරීක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

Leave a Reply

Your email address will not be published.