වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (14) උදෑසන කාලයේ මුලතිව් පොලිස් වසමේ තන්නිමුරුප්පු කැලෑබද ප්‍රදේශයක දී වෙඩිල්ලක් පත්තු වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මරණකරු, සිය පුත්‍රයා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු සමඟ තන්නිමුරුප්පු ප්‍රදේශයේ වෙල්‍ යායක පිහිටි පැලක රැඳී සිටිමින් කෑලෑව තුළ පැණි එකතු කිරීම සිදු කර ඇත.

එහි දී ඔවුන් සිටි පැලේ තිබූ ගිනි මැලයකට ඔවුන් රැගෙන ගිය ගිනි අවිය වැටී එය ක්‍රියාත්මක වී තිබේ.

පත්තු වූ වෙඩිල්ල මරණකරුට එල්ල වී ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල්ගත කිරීමට රැගෙන යාමේ දී ජීවිතක්ෂයට පත් ව ඇත.

Leave a Reply

Your email address will not be published.