අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අමෙරිකාවේ කැන්සාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

එම නගරයේ පැවති පෙළපාලි උත්සවයක දී වෙඩි තැබීම සිදු ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

එහි දී තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.