ලෙල්ලම වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බවට සැකපිට තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තරුණයන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවල දී ඊයේ (23) රාත්‍රියේ මෝදර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල දී 19 හැවිරිදි සහ 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කොළඹ 15 සහ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 800ක් ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය සහ කොළඹ අපරාධ
කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.