පුද්ගලයෙක් පැහැරගත් කල්ලියක් කොටුවෙයි

පුද්ගල පැහැර ගැනීමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අලවතුගොඩ අකුරණ නගරයේදී ඊයේ (29) දින පුද්ගලයෙක් පැහැරගෙන යෑමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීය.

පැහැර ගැනුණු පුද්ගලයා අයුතු ලෙස සිරකර පහරදී තුවාල සිදුකර රුපියල් ලක්ෂ 20ක් බලෙන් ලබාගැනීම සහ අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.

සැකකරුවන් අවුරුදු 22ත් 62ත් අතර වයසේ පසුවන අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published.