යුක්තිය ඉදිරියට ගෙන යන බවට පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කර තිබේ.

අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.