කඩ කෑම මිල ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් මහතා පැවසීය.

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින්ද කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්ද ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්ද වශයෙන් මිල ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published.