ඉන්ධන බෙදුම්කරුවෝ සටනකට සූදානම් වෙති

ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.

සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන බවත් සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත් එම සංගමය කීය.

Leave a Reply

Your email address will not be published.