නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී ඊයේ (02) පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරුණු බවයි සඳහන් වෙන්නේ.

මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් සහ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායකගේ සහභාගීත්වයෙන් සිදුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.