මුහුද මැද ඇරඹුණු විරෝධතාවය

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය ජාවාරමට විරෝධය පළකරමින් මෙරට ධීවරයින් අද (03) ඉන්දියන් සාගරයේදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

උතුරු පළාතේ ධීවරයින් විශාල පිරිසක් බෝට්ටු රැගෙන ගොස් මුහුද මැදදී කළු කොඩි ඔසවා මෙලෙස විරෝධතාවය සිදුකරමින් පවසා ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීම වහාම නතරකළ යුතු බවය.

මෙම විරෝධතාවය සඳහා යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි ධීවර සංගම් නියෝජිතයින් විශාල පිරිසක් එක්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published.