පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළේය.

ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමිනි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.