ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන පහෙන්ම ලාභ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අළෙවි කරන ඉන්ධන වර්ග පහෙන්ම ලාභ ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා පවසයි.

එම සංස්ථාව ලංකා සුපර් ඩීසල් ලීටරයකින් ශත 78 ක ලාභයක් ලබන බවත් භූමිතෙල් ලීටරයකින් ශත 61 ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 60 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 15 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 14 ක් ලෙස ලාභ ලබන බවත් අමාත්‍යවරයා කියයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 163.41ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 144.50 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 130.44 ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 107.47 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 3.15 ක් ලෙස බදු අය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.