මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය නැගෙනහිර පළාතේ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ. ජී. එල්. කුමාර මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව අදාළ ගම්මානායේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්,මත්පෙති 2,950ක් සහ මුදල් රුපියල් 86,000ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

පසුව අදාළ සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.