ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු  වර්ග ආනයනයට අවසර

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබේ.

එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව සියයට 35ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

2023 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.