පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘සමන් කොල්ලා‘‘ යන අයගේ නිවසට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ලවු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පණිවුඩය පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් නොකිරීම මෙම වැඩතහනමට හේතුවී තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ එම අවස්ථාවේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු සහ පරිගණක ක්‍රියාකරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාය.

අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකය

Leave a Reply

Your email address will not be published.