Online වෙන්කර ගන්නා දුම්රිය ආසන ප්‍රවේශ පත්‍ර දැන් PDF ලෙසින්

දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම Online සිදු කිරීමේ හැකියාව මේ වන විට ලබාදී ඇති අතර රාත්‍රී 7.00 සිට දුම්රිය ආසන වෙන් කිරීම කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නව ක්‍රමවේදයට අනුව දුම්රිය ආසන වෙන් කිරීම https://seatreservation.railway.gov.lk/mtktwebslr/ යන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ සඳහන් කළේ.

එලෙස වෙන්කරගත් දුම්රිය ආසනයට අදාළ ප්‍රවේශ පත්‍රය PDF file එකක් ලෙස download කරගත හැකි අතර එය මුද්‍රණය කර හෝ ජංගම දුරකථනයෙන් පෙන්වීම මඟින් අපහසුතාවකින් තොරව ගමන් කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published.