සල්ලිවලට මෙහෙම කළොත් දැඩි දඬුවම්

මේ වනවිට සමාජය තුළ නව රැල්ලක් බවට පත්වී ඇති මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බවය.

ඒ අනුව මහ බැංකුව දැනුම්දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව පහත දක්වා ඇති කටයුතු සිදුකරගෙන යෑමෙහි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙකු වරදක් සිදු කරන බවය.

පහත දක්වා ඇති ආකාරයේ වරදකට හසුවන යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වීම මත රුපියල් මිලියන 25කට නොවැති දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වෙන බවය.

Leave a Reply

Your email address will not be published.