පොලීසියට කොටුවූ යතුරුපැදි හොරු

යතුරුපැදි සොරකම් කර කොටස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හංදිය සහ හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 44ත් හැවිරිදි වියේ පසුවන සැකකරුවන් පිරිසකි.

අනුරාධපුර කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම වසර 10කට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත යතුරුපැදිවල අංක තහඩුවලට අදාළ යතුරුපැදිවල නිත්‍යානුකූල හිමිකරුවන් සොයාගැනීම සඳහා මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (24) නොච්චියාගම මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර යතුරුපැදි සොරකම් කර කොටස්කර අලෙවිකිරීමේ ජාවාරමේ නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොරකම්කරන ලද යතුරුපැදි අවිස්සාවේල්ලේ දෙදෙනෙකු වෙත ලබාදී කොටස්කර අලෙවිකිරීමේ ජාවාරම සිදුකර ඇති බ බවය.

සැකකරු සමග අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර යතුරුපැදි අමතර කොටස් ද තොරතුරු අනාවරණය කරගත නොහැකි යතුරුපැදී දහයක් සහ අපරාධ සඳහා යොදාගත් යතුරුපැදි දෙකක්ද ඇති බව පොලීසිය පවසයි.


 

Leave a Reply

Your email address will not be published.