ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හයිටි ආර්ථිකයට දැඩි බලපෑම්

හයිටි හි ක්‍රියාත්මක අවිගත් කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඒ අනුව, විශේෂඥයින් මත පළකරන්නේ, හයිටි රාජ්‍යය තවත් දුගී බවට පත්වනු ඇති බවය.

කැරිබියානු කලාපයේ පිහිටි හයිටි සැලකෙන්නේ කලාපයේ වඩාත්ම දුගී රාජ්‍යය ලෙසයි.

හයිටි හි වරාය, ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථාන අවිගත් කල්ලි යටතේ පවතී.

රට තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සංචාරකයින් ද පහළ ගොස් ඇති අතර හෝටල් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය ද පසුබෑමකට මුහුණ දී තිබේ.

Leave a Reply

Your email address will not be published.