ඉන්ධන මිල වෙනස්වෙන්නේ මෙහෙමයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ.

මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබීය.

කෙසේවෙතත් එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි.

මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවනු ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.