ලාෆ්ස් ගෑස් මිලේ ලොකු වෙනසක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ.

එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරන බවය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි.

එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,652කි.
 

Leave a Reply

Your email address will not be published.