හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
කෙසේවෙතත් රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට පැය 04ක කාලයක් සේවාවලින් ඉවත්වී වැඩ වර්ජනයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.
එමෙන්ම කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල, වව්නියාව මහ රෝහල සහ මන්නාරම මූලික රෝහලේ වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.