උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක්

උත්සව සමය වෙනුවෙන් අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200ක් පමණ සේවයට යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම එම බස් රථ සේවා ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.