තාවකාලික බලපත්‍ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍රය ලබාදීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ ඉදිරි මාස 03 ඇතුළත එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අවසන් කරන බවයි.
මේ වන විටත් දෛනිකව රියදුරු බලපත්‍ර දස දහසක ප්‍රමාණයක් අදාළ රියදුරන් වෙත තැපැල් කරන බවද ඔහු කියා සිටියා.