පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා මැණික් ගල් 4 ක් හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුබැද්ද යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි .ඇහැලියගොඩ තලා පිටිය වත්ත ප්රදේශයේ පුද්ගලයකු සැකකරු වසරක පමණ කාලයක සිට ඇසුරු කරන අතර මැණික් ගල් විකිණීමේ තැරැව්කරුවන් ලෙස කටයුතු කරන පුද්ගලයින් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පැමිණිලිකරු විසින් සැකකරුට මැණික් ගල් හතරක් අලෙවි කිරීම සඳහා ලබාදී ඇති අතර එම මැණික් ගල් රැගෙන සැකකරු යුද හමුදා කඳවුරට ගොස් පසුව කඳවුර තුළින් පිටතට නොපැමිණ පැමිණිලිකරු මගහැර ගොස් තිබූ බව පොලිසිය කියයි.