මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

මොරගහහේන  තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහේන පොලිසිය කියයි.

වෙඩි වැදිමෙන් ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනා මිය ගොස්  ඇතැයි පොලිසිය කියයි.

සුදු පාටට හුරු   මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයන් ගැන  මෙතෙක් තොරතුරක් නැතැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.