අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් හා සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මුලික කරගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ දී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසුවේය.

එහිදී වැල්ලවත්ත, මිටියාගොඩ, කෙසෙල්වත්ත,රත්ගම, ගල්කිස්ස සහ අංගොඩ යන ප්‍රදේශවල දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 8 දෙනෙකු සහ ඔවුන් සමඟ විවිධ සබඳතා පවත්වමින් අපරාධ සඳහා සහාය දැක්වු තවත් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.