බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ

ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි.

ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය.

ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි.

එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි.

මේ අතර ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අමෙරිකාවට චෙරි පැළ එසේත් නැත්නම් සකුරා පැළ ත්‍යාග ලෙස ලබාදීම ද විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කළේය.

මේ වනවිට වොෂින්ටන්හි රෝපණය කර ඇති චෙරි ශාක ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ හේතුවෙන් නව පැළ ප්‍රදානය කෙරුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

2026 වසර වනවිට චෙරි පැළ 250ක් ප්‍රදානය කිරීම ජපානයේ සැලසුමය.

ඉතිහාසයට අනුව වොෂින්ටන් හි සියැට්ල් නගරය පුරා චෙරි රෝපණය කර ඇත්තේ 1929 වසරේ දී ලන්ඩන් බලා යමින් සිටි ජපාන රාජතාන්ත්‍රිකයින් පිරිසක් විසිනි.

1976 දී නැවතත් ජපානය සහ අමෙරිකාව අතර පවතින මිත්‍රත්වය සනිටුහන් කරමින් අමෙරිකාව චෙරි පැළ දහසක් ත්‍යාග කිරීමට එවක ජපාන අගමැති තකෙයෝ මිකී කටයුතු කර තිබුණි.

මේ අතර ජපාන අගමැතිවරයා වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධාන කර තිබුණි.

ධවල මන්දිරයේ පැවති සංග්‍රහ සඳහා අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් මෙන්ම හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ද එක්ව සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.