බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ

කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු  කැස්බෑව හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එම සැකකරු සමග මත්ද්‍රව්‍ය  බෙදා හැරීමට යොදාගත් සුඛෝපභෝගී  මෝටර් රථය  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6032 ක් ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැක කරන රුපියල් 2,20000.00 ක මුදලක් ජංගම දුරකථන 4 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි / විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන  සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක බුද්ධි කොට්ඨාශයේ  නිලධාරීන්ට සැකකරු එම හෝටලයේ නවාතැන් ගෙන සිටින බවට  ලද තොරතුරකට අනුව එයින් පිටතට පැමිණීමත් සමගම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.