කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු

සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය   වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව  පිරිසක් සීලාවතුර නාවික හමුදාව පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මූලස්ථාන පොලිසියට බාරදී ඇත.

සිලාවතුර නාවික හමුදාව සිදුකළ මෙහෙයුමෙන් නාවික හමුදාවේ සෙබළකු හා අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වී ඇත.

ඒ ආසන්නයේ නවතා තිබූ  සැකකරුවන් පැමිණියා යැයි කියන වාහනයක් වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් නාවුල, මැණික්දෙන,හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 – 38 අතර වයසේ පසුවන අයවලුන් වෙති. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු රියදුරකු බවත්, අනිත් පුද්ගලයා කම්කරුවකු ලෙසත් පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.