බත්තරමුල්ලේ ලැඟුම්හළකින් මතුවූ අයිස්

බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හළකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට ආසන්න බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් මීගමුව සහ කටාන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවට අනාවරණය වී තිබේ.

සෙසු සැකකරුවන් තිදෙනා කොළඹ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්බවට අනාවරණය වී තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හළක සිදුකළ වැටලීමකදී එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.