හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර්වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැවිරිදි සැකකාරියක් බදුල්ලේදී (23) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආගරපතන සහ පූඩළුඔය පදිංචිකරුවන් බව ජාතික හැදුනුම්පත්වල සටහන්ව ඇතත් ලිපිනයන් ලෙස ප්‍රදේශ හතරක් සඳහන්කර ඇතැයිද පොලිසිය කීය.

මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස හගවමින් බදුල්ල කණුපැලැල්ල දළදාඇල පාරේ නිවසක් කුලියට ගෙන එහි සිට මෙම ව්‍යාජ නිල මුද්‍රා සහ කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් තාවකලික රියදුරු බලපත් හා බැංකු ණය ලබාගැනීම සදහා අවශ්‍ය කූඨ ලේඛන සපයමින් කූඪ ජාවාරමක් පවත්වාගෙන ගොස් බව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.