ලොව බලවත්ම 100 අතර ලාංකික කතක් 

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත .

කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය.ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව පැවැසුවේය.

ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම්ස් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම්ස් සඟරාව ප්‍රකාශයට පත් කළේය.එතැන් සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමට ටයිම්ස් සඟරාව කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.