ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (25) ඔරුගොඩවත්ත ප්‍ර දේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්කරල් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් මිලදී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.