ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වෙලා ද ?  

මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බවට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ නව ක්‍රමවේදය යටතේ වීසා ගාස්තු ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වී ඇති බවය.

1949දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් ලබාදීම සිදුකෙරුණේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙනි. 

1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයකට හැරුණු විට ලංකා රජය සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැත.

නමුත් 2012 දී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් වීසා ගාස්තු අය කිරීම ඇරඹුණි.

ඒ අනුව විටින් විට අවස්ථා රැසකදී වීසා ගාස්තු ඉහළ දැමුණු අතර 2024 ආරම්භ වනවිට මෙරටට පැමිණෙන එක් සංචාරකයෙකුගෙන් අය කළ වැඩිම මුදල අමෙරිකානු ඩොලර් 60කි.

2012 සිට 2024 අප්‍රේල් අවසානය දක්වා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැටලුවකින් තොරව සිදුවිය. 

කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර VFS GLOBAL නම් පෞද්ගලික සමාගමට ලබාදීමට ආණ්ඩුව පසුගියදා පියවර ගෙන තිබුණේ,  කැබිනට් අනුමැතියෙනි.

Leave a Reply

Your email address will not be published.