සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව පවසයි.

අයදුම්කරුවන් 49,312 දෙනෙකු නැවත සමීක්ෂණයට  අයදුම් කර තිබූ අතර පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published.